දුම්රිය ස්ථානයක බිහිසුණු තදබදයකින් 18ක් මියයයි..වහාම හමුදා ආරක්ෂාව යොදවයි.(PHOTOS)

By Aruna Feb 16, 2025 03:36 AM GMT
Report

ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ ඇති වූ තදබදයක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මේ දිනවල පවතින මහා කුම්භමේලා උත්සවය සදහා පැමිණි දුම්රිය දෙකක් ප්‍රමාද වීමෙන් දුම්රිය ස්ථානයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තෙරපීමට ලක්ව මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමයින් 04 දෙනෙකුද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.

සියලුම රාජ්‍ය සේවකයින්ට හෙට සුබ ආරංචියක්..මූලික වැටුප සමග දැනෙන ගණනකින් වැටුප් වැඩි වීමක්..තවත් සහන රැසක් මෙන්න.


කෙසේ වෙතත්ඉ න්දීය මාධ්‍ය වාර්තා කළේ, දුම්රිය ස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක හමුදා යොදවා ඇති බවයි.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

GalleryGalleryGallery