කාන්තාවක් බිම පෙරළාගෙන සිදුකළ කැත වැඩේ - ලක්ෂ දාහතක් ගැන කාන්තාවගෙන් පැමිණිල්ලක්..
ඊයේ (11) යාපනය, අච්චුවේලී, නාවක්කාඩු පාසල අසල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් පවුම් 12ක් බර රන්මාල හා මුදු යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තාවනවා.
එනම්, මුහුණු කළු රෙදි වලින් වසාගෙන යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු, අදාළ කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටින අතරවාරයේ එම කාන්තාවගෙන් ලිපිනයක් ගැන විමසන අතරවාරයේ යතුරුපැදියේ පිටුපස සිටි තරුණයා කාන්තාව බිම පෙරලා පසුව දෙදෙනාම එක්ව කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය සහ මුදු ගලවා ගෙන පලා ගොස් තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව කොල්ලකෑමට ලක්වූ කාන්තාව විසින් සිදුවීම සම්බන්ධයෙන් අච්චුවේලී පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙම රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ වන බවට එම කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.
අච්චුවේලී පොලිසිය විසින් මෙම සිදුවීමට සම්බන්ධ කොල්ලකරුවන් සොයා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරනු ලබයි.