මත් ද්‍රව්‍යය සමග ෆේස් බුක් පාටි දැමූ 15ක් අත්අඩංගුවට

Report

ඇල්ල ප්‍රසිද්ධ සංචාරක පුරවරයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වැටලූ බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, එහි පැමිණි තරුණයන් 15 දෙනෙකු මෙරට තහනම් අධික මත්ද්‍රව්‍ය රැසක් සමඟ අද (05) දින අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ තරුණ පිරිස සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 8800ක්, හෑෂ්  මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1650ක්, නීතිවිරෝධී දුම්වැටි 15ක් සහ මල්පෙති 160ක් වැනි විශාල මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස නීතියේ රැහැනට හසු වූ පිරිස වයස අවුරුදු 22ත් 35ත් අතර පසුවන තරුණයන් වන අතර, ඔවුන් ගම්පොළ, ඇල්ල, වලස්මුල්ල, දෙමෝදර, වැල්ලවාය, බදුල්ල, මාතලේ සහ ඕපාත යන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සාදය සඳහා පැමිණි අය වෙති.

පොලිස් විමර්ශනවලට අනුව, ඇල්ල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු විසින් වැල්ලවාය මාර්ගයේ පිහිටි ජනප්‍රිය සංචාරක හෝටලයක් වෙන්කර ගනිමින් මුහුණු පොත හරහා මෙම මත්ද්‍රව්‍ය සාදය අද දින පැවැත්වීමට සියල්ල සැලසුම් කර තිබී ඇත.

මෙම සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගත් තරුණයන් පිරිස හෝටල් පරිශ්‍රයට ඇතුළු වන බවට බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකයට කල්තියා රහසිගත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසී අදාළ සංචාරක හෝටලය අවට සූදානමින් රැක සිටි අතර, තරුණයන් මත්ද්‍රව්‍ය ද රැගෙන හෝටලයට පැමිණි අවස්ථාවේදීම ඔවුන්ව සාර්ථකව වටලා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

මාළු මිල ඉහළට - නව මිල මෙන්න

ඩෙංගි මදුරුවා ගැන අලුත් අනාවරණයක් - දෂ්ඨ කරන වෙලාවේ වෙනසක් සියලු දෙනාටම දැනුවත් කිරීමක්

ඩෙංගි මදුරුවා ගැන අලුත් අනාවරණයක් - දෂ්ඨ කරන වෙලාවේ වෙනසක් සියලු දෙනාටම දැනුවත් කිරීමක්