15 හැවිරිදි දියණියගේ අපයෝජන සිදුවීමට මාලදිවයිනේ හිටපු ඇමතිත් අත්අඩංගුවට

By Sithumi Jul 05, 2021 12:33 PM GMT
Report

මෙරට 15 හැවිරිදි දැරියව ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි. ඒ අනුව අදාළ මාලදිවයින් ජාතිකයා සහ ඊයේ අත්අඩංගුවට ගත් හෝටල් සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් මාලදිවයින් ජාතික හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ලබන 16 වනදා ඔවුන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.