රෝහල්ගත කළ 15 හැවිරිදි දැරිය හදිසියේ මියයයි

covid19 ambalangoda dharmashoka collage sadamini nethsarani
By Sewvandhi Sep 23, 2021 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිවසේදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

උදරයේ අපහසුතාවයක් හේතුවෙන් ඊයේ (22) දහවල් 12ට පමණ දැරියව බලපිටිය මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත.

ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියක් වන සඳමිණි නෙත්සරණි නමැති එම දැරිය හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි දැරියකි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now