ගිනි ගානක් දීලාවත් ගමට යන්න ප්‍රවාහන් පහසුකම් නැති මිනිස්සු ඉන්න රටේ හිටපු ඇමතිවරුන් මෙහෙම තමා කරලා තියෙන්නේ ..

Sri Lanka Gossip Today Sri Lanka Air Force Latest Headlines
By Piyumika Dec 21, 2024 09:10 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමතිවරුන් වෙනුවෙන් වෙන් කරනු ලැබූ තිබූගුවන් වාර ගමන්වාර සංඛ්‍යාව 66කි.

රුසියාවෙන් ගෙන්වන ලද පොහොර පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසු දේ..

රුසියාවෙන් ගෙන්වන ලද පොහොර පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසු දේ..

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර දහයක්ද හිටපු අමාත්‍ය දයාගමගේ මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම් මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්බාල් මහතා ගුවන් ගමන් වාර දෙකක්ද හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් පනාන්දු මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර විසිපහක්ද හිටපු අමාත්‍ය අලිසබ්‍රි මහතා ගුවන් ගමන් වාර දෙකක්ද වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක් මෙසේ යොදාගෙන තිබූ ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 දක්වා කාලයේදීය.

මෙම ගුවන් ගමන් බොහෝමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙනි.

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS)

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS)

මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිළිතුරු වාර්තාවකය.

මේ අතට 2019 වසරෙන් පසුව ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදීගෙන තිබූ බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි

මේ අතර රාජ්‍ය ආයතන දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණයවිය.

එම ආයතනය 2013 වසරේ සිට එම සේවාව ලබාගෙන තිබුන

You may like this video

ReeCha