ලංගමට අලුතින් සේවකයන් 1300ක්.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු හා කොන්දොස්තරවරුන් එක්දහස් තුන්සියයකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ,මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත්කිරීම් සිදුකරන බවත්, ඒ සඳහා අයැදුම්පත් භාර ගැනීමද ආරම්භ කර ඇති බවත්ය.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, රියැදුරන් 912 දෙනකුත්, කොන්දොස්තරවරුන් 381 දෙනකුත් බඳවා ගන්නා අතරම,දැනට දිවයින පුරා ධාවනය කරන බස් රථ හාරදහස් හත්සියයක සංඛ්‍යව පන්දහස් තුන්සියයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.
මේ අනුව කොළඹ ප්‍රාදේශිකය සඳහා රියැදුරු කොන්දොස්තවරුන් 157 ක්, කළුතර ප්‍රාදේශිකය සඳහා 96 ක්, ගම්පහ ප්‍රාදේශිකය සඳහා 96 ක්, වයඹ ප්‍රාදේශිකය සඳහා 117 ක්, සබරගමුව ප්‍රාදේශිකය සඳහා 115 ක්, මහනුවර ප්‍රාදේශිකය සඳහා 110 ක්, නුවරඑළිය ප්‍රාදේශිකය සඳහා 71 ක්, රුහුණු ප්‍රාදේශිකය සඳහා 114 ක්, රජරට ප්‍රාදේශිකය සඳහා 125 ක්, ඌව ප්‍රාදේශිකය සඳහා 98 ක්, උතුරු ප්‍රාදේශිකය සඳහා 98 ක්, නැගෙනහිර ප්‍රාදේශිකය සඳහා 96 ක් බඳවා ගැනීමට නියමිතය.
ලංකා ගමනාගමන මණ්ඩලය මීට මාස කිහිපයකට පෙරද රියැදුරු කොන්දොස්තරවරුන් හයසියයකට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබුණේ බස් රථ තිබුණත් අවශ්‍ය සේවක සංඛ්‍යාව නොමැති වීම මතයි.
