පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වහාම මේ පාසල් වසා දැමේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13කට අද (21) දින නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව අදාළ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් පවසයි.
ඒ අනුව, නුවරඑළිය කලාපයේ පවතින පාසල් 156 අතුරින් පාසල් 4කට සහ හැටන් කලාපයේ පවතින පාසල් 150 අතුරින් පාසල් 9කට මෙලෙස නිවාඩු ලබාදී තිබේ.
පවතින අයහපත් කාලගුණය හමුවේ සිසුන්ගේ ආරක්ෂාව සලකා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරා තිබූ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.
අදාළ කලාප දෙකෙහි සෙසු සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද කලාප අධ්‍යාපන කාර්යාල වැඩිදුරටත් සඳහන් කරයි.