බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය එන්න එන්නම දරුණු අතට - මුළු ලංකාවටම දරුණු අනතුරක්

Report

බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත්, එමඟින් අදාළ මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ඉහළ යා හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසත් ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ විමසිලිමත් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු තීරයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇතිවිය හැක.

නිරිත දෙසින් හමන සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වන අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වාත්, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 50 දක්වාත් වැඩිවිය හැක.

සුළගේ වේගය ඉහළ යාමත් සමඟ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලමේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු තීරය තරමක් රළු වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් වහාම රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් වහාම රෝහලට

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.