රජයෙන් ජනතාවට විශාලම සහනයක් දෙන්න යයි - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..!

Food Shortages Ranil Wickremesinghe Sri Lanka Cabinet Government Of Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Mar 19, 2024 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදිය.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.