රෝහලක කාර්ය මණ්ඩලයේ 105කට කොවිඩ්

covid19 infections colombo homagama hospital national hospital
By Sewvandhi Aug 18, 2021 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ රෝහලේ තත්ත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගැනීමට අපහසු බවය. එහි සේවය කරන සමහර සේවකයින් මාස 2-3ක් තම නිවෙස්වලට ගොස් නොමැති බවය.

එමෙන්ම, හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.

එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර,රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙක්.

කොවිඩ් රෝගය වැළඳුණ මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම වෛද්‍යවරයා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now