අන්තර්ජාලය හරහා විවිධ නීති විරෝධී වැඩ කළ චීන්නු 102ක් මාට්ටු
By Mithu
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි නිවාස සංකීර්ණයක් වටලා අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරත වූ චීන ජාතිකයන් 102 කු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, අධිකරණ වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහාය ඇතිව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී නවීන පන්නයේ පරිගණක සහ විවිධ විද්‍යුත් උපාංග රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මොවුන් මෙරට සිට ජාත්‍යන්තර මට්ටමේ සයිබර් අපරාධ ජාලයක් මෙහෙයවා ඇති බවට සැක කෙරේ.