ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන - ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද(03) යෙදී තිබේ.
“සාමය පිරුණු අනාගතයක් උදෙසා ” තේමාව යටතේ මෙවර ජනමාධ්‍ය නිදහස් දිනය සමරයි.
තවද ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය මෙවර තේමාවෙන් අවධාරණය කර ඇත්තේ ගෝලීය වශයෙන් පවතින අභියෝග හමුවේ සත්‍යය ගවේෂණය කරමින් සාමය සහ සහජීවනය ගොඩ නැගීම සඳහා ජනමාධ්‍ය සතු වගකීමයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍රකාශයට පත් කර ඇත.
1986 වසරේ දෙසැම්බර් 17 වන දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිට දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම දිනය වෙන් කර තිබේ.
රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන 2022 වසරේදී හිමි වුණේ නොර්වේ රාජ්‍යයටය. ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර 2024 වසරේ එම දර්ශකයේ 150 වැනි ස්ථානයේ පසුවුණි.
2025 වසරේදී 139 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම සුවිශේෂීය ඒ වගේම ඇෆ්ගනිස්ථානය 175 ස්ථානයේ සහ පාකිස්තානය 155 ස්ථානයේ පසු වේ.
ජනමාධ්‍ය නිදහස යනු සාධාරණයෙන් හා නිදහසෙන් පිරුණු ලෝකයක් නිර්මාණය කිරීම පිණිස සත්‍ය සමාජ ගත කිර්‍රීමේ අයිතිය වේ