වෙසක් පෝය මැයි 30 සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වෙනිදා යොදාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ,ත්රෛයිනිකායක මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් නිර්මාණය වීම හේතුවෙනි.
වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බව එම ස්වාමීන් වහන්සේලා පෙන්වාදී ඇති අතර මේ වසරේ ජනවාරි මස 06 වෙනිදා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද මෙය සාකච්ඡා කර ඇත.
ඒ අනුව වෙසක් පුර පසලොස්වක දිනය මැයි මස 30 වෙනිදා ලෙස සැලකිය යුතු බවත් වෙසක් සතිය වශයෙන් මැයි 27 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා ප්රකාශයට පත් කළ යුතු බවත් යෝජනා වූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.