හතර වටින් මත්ද්‍රව්‍ය වැටලීම් - සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Report

දිවයිනේ ප්‍රදේශ දෙකකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ එමෙන්ම එම ප්‍රදේශයේදීම කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සමග තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි .

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 සහ 28ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය .

අවාසනාවන්ත මරණයක් - අකුණුසැර වැදී කාන්තාවක් මරුට තවත් අයෙක් රෝහලේ

අවාසනාවන්ත මරණයක් - අකුණුසැර වැදී කාන්තාවක් මරුට තවත් අයෙක් රෝහලේ

හෝමාගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර මරදාන, සියසෙත සෙවණ නිවාස සංකීරණ ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82 මිලිග්‍රෑම් 420ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 15,090ක මුදලක් හා ජංගම දුරකතනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධව මරදාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි