අද සිට රුපියල් 10,000 හේ වියලි ආහාර මල්ල ලැබෙන්නෙ මේ අයටයි.
සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 10,000ක් වටිනා වියළි ආහාර මල්ල අද (25) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු කරුණක් බවයි ග්‍රාම නිලධාරීන් පෙන්වා දෙන්නේ.
ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ සඳහා වන විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් ඊයේ (24දා) දිනයේ නිකුත් කර තිබෙනවා.
උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්.
රජයේ නිර්ණායක වලට අනුව රුපියල් 3,000ක මාසික ආදායමක් උපයන පවුල් අඩු ආදායම්ලාභි පවුල් ගණයට ඇතුළත් වන බවද, එවැනි ආදායම් උපයන පවුල් වර්තමානයේ රට තුළ සොයා ගැනීමට නොමැති බව පෙන්වා දෙන ග්‍රාම නිලධාරීන් ඒ අනුව මෙවැනි චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි පවසන්නේ.
රජයෙන් නොමිළේ ලබා දෙන මෙම බඩු මල්ල ඇති හැකි බේදයකින් තොරව නිවසින් පිටව යාමට නොහැකිව සිටින නිරෝධායනයට යොමුකර සිටින සෑම පවුලකටම ඉතා වටිනා බවද, ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් මෙය ලබා දීම අනෙකුත් පවුල් සඳහා කරන අසාධාරණයක් බවද ග්‍රාම නිලධාරීන් සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |