කෝටි දහයක් ශාසනයට පුජාකළ කෝටිපතියා
තමන් සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා අංගසම්පූර්ණ නිවස සහ ඉඩම සඟසතු කිරීමට ඇල්පිටියේ තරුණ වයාපාරිකයකු වන ඇල්පිටිය සෙන්ටල් වයාපාර සමූහයේ අධයක්ෂක එම්.ජි.සමන් කුමාර මහතා ඊයේ(31) දහවල් පියවර ගත්තේය.
සමන් කුමාර මහතා සිය නිවස සහ ඉඩම මෙසේ සඟ සතු කළේ භාවනායෝගීව වෙසෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්විම විශේෂයෙන්ම කැපී පෙනේ.
සිය පවුලේ බාල දරුවාවූ තමාට දෙමාපිය උරුමයෙන් ලැබූ මේ අංගසම්පුර්ණ නිවස සහ ඉඩම මෙලෙස සඟ සතු කිරිමට සමන් කුමාර මහතා කටයුතු කළ අතර ඊට ඔහුගේ පවුලේ කිසිවකු විරුද්ධ නොවී ඒ සදහා සහයෝගය සහ අනුබලය දීමද විශේෂත්වයකි.
ඇල්පිටිය නගරයට ඉතාම සමීපයේ පිහිටි අංගසම්පූර්ණ මේ නිවස සහ ඉඩම කිසිදු කරදරයකින් තොරව රුපියල් කෝටි දහයකට පමණ අලෙවි කොට එම මුදලින් සැපවත් ජිවිතයක් ගත කිරීමට අවස්ථාව තිබියදී සමන් කුමාර මහතා එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් පූජා කිරීම මිල කළ නොහැකි පිංකමක් බව එම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය දේශනා කළහ.
මේ ගෘහය ආලෝකමන්දාව නමින් නම්කොට සමන් කුමාර මහතා මේ නිවස සහ ඉඩමේ ඔප්පුව මහා සංඝයාට භාරදිම ඊයේ(31)දහවල් සංඝයා වහන්සේලාට අත පැන් වත්කොට භාරදිම සිදු කෙරුණු අතර ඒ නිමිත්තෙන් පනස් නමක් හමුවේ සපිරිගත දක්ෂිණාවක්ද පෑත්විණ.මීට සමගාමීව සර්ව රාතික මහා පිරිත් සජ්ජායනාවක්ද පැවැත්විණ.
මේ අවස්ථාවට ශී කළයාණි යෝගාශම විහාර සංස්ථාවේ කහගොල්ලේ සෝමවංශ,මීතලාවේ විනීත,බුත්තල බුදුගල්ලෙන ආරණයයේ උඩුවර ධම්මරක්කිත,පරප්පුදූව ආරණයයේ මාවතුරේ බෝධිවංශ යන නාහිමිවරුන් සහ දානපති එම්.ජි.සමන් කුමාර මහතා සහ ඔහුගේ පවුලේ අය ඇතුලුව ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
