මෙතෙක් කාලයක් මන්ත්‍රීන්ගේ කොළඹ නිවාස වල බිල් ගාස්තු රු..1000 . - ගෙවල් නැති මන්ත්‍රී 18 කට කෝටියක්.

Sri Lanka Parliament Sri Lanka Government Of Sri Lanka
By Wayomi Aug 28, 2023 09:51 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන පරිදි මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස නොලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 ට රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක මුදලක් ගෙවා තිබෙනවා.

ඒ, අනුව 2021 වර්ෂයේදී මන්ත්‍රීවරුන් දස දෙනෙකුට රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක මුදලක්ද, මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට 2022 වසරේදී රුපියල් හතළිස් අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ද ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස නොලැබුණු මන්ත්‍රීවරයකු සඳහා මාසිකව ගෙවා ඇති මුදල රුපියල් 75000 කි.

කෙසේ වෙත්ත ඒ, සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරියෙක් කියා සිටියේ.ඉඩකඩ ප්‍රශ්නය හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස දීමට නොහැකිවූ බවයි.

එමෙන්ම මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද රැඳී සිටින බව වාර්තා සඳහන්.

මේ අතර මාදිවෙල නිල නිවාසවල ජල විදුලි සහ දුරකතන බිල්පත් සඳහා තැන්පතු ලෙස අයකරනු ලබන රුපියල් 1000 ක මුදල කාලීනව සමාලෝචනය කර සංශෝධනය කර නොමැති බවද විගණන වාර්තාවේ සඳහන්.

තවද රජයේ බංගලා ලබාගත් අමාත්‍යවරුන් තිදෙනකු මේ වසරේ මැයි 16 වැනිදා වනවිටත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ආපසු බාර දී නැහැ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්දී තිබු නිල නිවාසය සඳහා ගෙවිය යුතු නිවාස කුලියවූ රුපියල් 27,000 කට වැඩි මුදලක් ඔහුගේ මන්ත්‍රී දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කර නොමැත.

ReeCha