දකුණු පළාතේ උපාධිධාරීන්ට රජයෙන් සුබ ආරංචියක්

Report

දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩු 2834ක් පවතින අතර, ඒ අතරින් උපාධිධාරි ගුරුවරුන් 1417 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන.කේ.ආර්. පතිරණ මහතා පවසයි.

මෙම බඳවා ගැනීම් ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා වන තරග විභාගය මෙම මාසයේ අවසානයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරින් සඳහා වෙනම විභාගයක් සහ අනෙකුත් උපාධිධාරින් සඳහා විවෘත තරග විභාගයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

තරග විභාගයෙන් සමත් වන අයගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලබන අතර, එමඟින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සම්මුඛ පරීක්ෂණ පවත්වා ගුරුවරුන් පාසල්වලට අනුයුක්ත කිරීමට නියමිතය.

අධ්‍යාපනවේදී උපාධිධාරින් තරග විභාගයකින් තොරව සෘජුවම ගුරු වෘත්තියට බඳවා ගැනීමටද කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. තවද, අන්තර් පළාත් මාරු වීම්, විශ්‍රාම ගිය ගුරුවරුන් සහ විෂය පදනම මත පවතින පුරප්පාඩු සම්බන්ධ තොරතුරු කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් එකතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් - මැයි මස 19 වන දින දක්වා

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් - මැයි මස 19 වන දින දක්වා

කොළඹ දරුවන්ගෙන් 15%ක් අනතුරේ - විශේෂ හෙළිදරව්වක්

කොළඹ දරුවන්ගෙන් 15%ක් අනතුරේ - විශේෂ හෙළිදරව්වක්