මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක්...

Report

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බව ද මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිත බව ද වාර්තා වේ.

මැතිවරණ පැමිණිලි පන්දහසට ආසන්නයි... (PHOTO)

මැතිවරණ පැමිණිලි පන්දහසට ආසන්නයි... (PHOTO)

අද (20) සහ හෙට (21) යන දිනවල ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ය.

තව ද, කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර අද දින විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් අද සහ ලබන 21 වන දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන අතර හෙට සහ 22 වන දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට ද නියමිත ය.