හොරෙන්ම ගෙන්නපු සුඛෝපභෝගී මෝටර් රථ තොගයක් ගැන ගත්ත තීරණයක් මෙන්න..
බදු ගෙවීම පැහැර හරිමන් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 06ක් වහාම අල්ලස් කොමිසම වෙත භාරදෙන ලෙස නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒවායේ හිමිකරුවන්ට ය.
මෙම නියෝගය ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ය.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ රුපියල් කෝටි 60ක් පමණ වටිනාකමකින් යුත් මොන්ටේරෝ සහ ලෑන්ක් කෘසර් වර්ගයේ වාහන හයක් රුපියල් මිලියන 300ක බදු ගෙවීම පැහැර හරිමින් නිදහස් කරගෙන ඇති බවයි.

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)
කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් නීති විරෝධී ලෙස මෙම වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණයකට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම මෙම නියෝගය ලබාගෙන තිබෙනවා.