ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 30, 2024 03:45 PM GMT
Report

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් එකතු කළ දෙදෙනෙක් අලුත්ගම දර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මැතිවරණ කොමිසමෙන් පොලිසියට උපදෙසක්...

මැතිවරණ කොමිසමෙන් පොලිසියට උපදෙසක්...

ප්‍රදේශවාසීන් ඔවුන් පිළිබඳව අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන් ම, එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙස ය.

හමුදා සෙබළාට මරු කැඳ වූ මාරාන්තික අනතුර...

හමුදා සෙබළාට මරු කැඳ වූ මාරාන්තික අනතුර...

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය.