පොදු රද මඩුලු උළෙලේ මීටර් 100 යෙන් යුපුන් අබේකෝන් වාර්තාවක් තබයි.(PHOTOS)

Sri Lanka
By Aruna Aug 03, 2022 11:11 PM GMT
Aruna

Aruna

Report

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර සියය පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා සතු වුනා.

ඒ අවසන් තරගයේදී තත්පර 10.02 කාලයකින් ඉසව්ව නිමා කරමින්.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක මීටර 100 අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වන යුපුන් අභයකෝන් මේ තරගය නිමා කළේ තුන්වැන්නා ලෙසටයි.

යුපුන් අවසන් තරගය නිමා කිරීම සඳහා වැය කර තිබූ කාලය තත්පර 10.14ක්.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි යුපුන් අබේකෝන් මේ අනුව ඉතිහාසගත වන්නේ .

අවසන් තරගයේ දෙවැනි ස්ථානය සතු කර ගත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මකානි සිම්බිනි විසින්.

ඔහු අවසන් තරගය නිමා කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.13 ක්.

මේ අතර තම ජයග්‍රහණය සම්බන්ධයෙන් යුපුන් අබේකෝන් සිය ෆේස් බුක් ගිණුමේ ද සටහනක් තබා තිබෙනවා.

"මට දැන් දැනෙන හැඟීම පැහැදිලි කරන්න වචන නෑ" යනුවෙන් ඔහු එම සටහන ආරම්භ කර තිබුණා.

මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් දැවැන්ත සිදුවීම්වල ආරම්භය පමණක් වන අතර තමා අඛණ්ඩව වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි ඔහු එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

තමා ගැන බලාපොරොත්තු තබාගෙන රැඳී සිටි සියලුදෙනාට ද යුපුන් අබේකෝන් සිය කෘතඥතාව පළ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha