එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව මෙන්න

Report

පුද්ගලයින් 260 කට මරු කැදවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි.

පසුගිය මාසයේදී අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටක් වු ඉන්දියන් ගුවන් සමාගමට අයත් බොයිං 787 මෙම යානය කඩා වැටිමට ලක් වූවා.

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් - 23ක් මරුට

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් - 23ක් මරුට

එමෙන්ම මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තවේ සදහන් වන්නේ ඊට ප්‍රතිචාර දක්වමින් අනිත් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බවයි. කෙසේවෙතත් විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලබ සිදුවීමක් බවයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්