ඉතිහාසගත ලෙස ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ඉතාලිය

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංවිධානය කරන 2026 පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට ඉතාලිය ඊයේ (11) සුදුසුකම් ලැබුවා.

ඔවුන්ට මෙය ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

2007 සිට පැවැත්වෙන මෙම තරඟාවලියේදී තවත් රටවල් 24ක් එක් අදියරකට වුවද සහභාගීවී ඇත.

ඉතාලිය ඒ අතර 25වන රට ලෙස එක්වී ඇත. එංගලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තයට පසුව ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලැබූ 5වැනි යුරෝපීය රටද වන්නේ ඉතාලියයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

යුරෝපීය සුදුසුකම් තරඟාවලියේදී ඉතාලිය දෙවැනි ස්ථානයට පත්වීම මඟින් මෙම වරම් හිමිවිය. තීරණාත්මක තරගය නෙදර්ලන්තය සමඟ පැවති අතර, නෙදර්ලන්තය 135ක ඉලක්කය පහසුවෙන් හඹා යැදී ජයගන්නා ලදී.

නමුත් ජර්සියට වඩා උසස් දළ ලකුණු වේගයක් තිබුණු බැවින් ඉතාලියට දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට හැකි විය.

නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වූ අතර, ක්‍රමිකව දස වසරකට වැඩි කාලයක් ලෝක කුසලානට සහභාගීවූ ස්කොට්ලන්තය මෙවර අවස්ථාව අහිමි කරගත්තා.