O/L නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම 14 සිට

Report

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කරනු ලැබීය .

අදාළ ප්‍රතිඵල , විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/සහ http://www.results.exams.gov.lk/යන වෙබ් අඩවිවලට පිවිස ලබා ගත හැකිය .

විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14වනදා සිට 28වනදා දක්වා සිදුකිරීමටයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ විමසීම සඳහා ,විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක යොදා ගත හැකිය.

සියලුම විදුහල්පතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතාකර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සියලුම පළාත් සහ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්ටද පරිශීලක නාමය සහ මුරපදය භාවිතාකර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර කිරීමේ හැකියාව ද සලසා ඇත.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ටද සිය විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බාගත කරගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබේ. එලෙස ලබාගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස්පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බවයි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබේ . විභාගයේ සහතික පත් එළැඹෙන සඳුදා සිට මාර්ග ගතක්‍රමය ඔස්සේ අයදුම්කිරීමට පහසුකම් සලසා තිබේ. 

රවී සහ ශානි පත් කලේ කාදිනල්හිමිගේ ඉල්ලීමට - ඇමති බිමල්

රවී සහ ශානි පත් කලේ කාදිනල්හිමිගේ ඉල්ලීමට - ඇමති බිමල්