නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි
By Hashini
මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබියදී නාඳුනන කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මාතර පොලීසියට ලද තොරතුරක් අනුව මළසිරුර සොයාගත් බවයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවෙන තැනැත්තියක් බවට පොලීසිය සැක පළ කරනවා.
පොලීසිය පවසන්නේ ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර කළු, කහ වර්ණයෙන් යුත් ඇඳුමක් සහ කළු වර්ණයෙන් යුත් කොට සායක් හැඳ සිටින බවයි.
ඇයගේ උස අඩි 05ක් පමණ වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.