මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්[PHOTOS]

United States of America Child Abuse Death Law and Order Sinhala news
By Kaushi Jul 12, 2025 12:36 AM GMT
Kaushi

Kaushi

Report

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී මවක් තම රූපලාවන්‍ය සත්කාරයක් ලබා ගන්නා තුරු තම කුඩා පුතුන් දෙදෙනාව උණුසුම් මෝටර් රථයක් තුළ දමා යාමෙන් එක් හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බේකර්ස්ෆීල්ඩ් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, මායා හර්නැන්ඩස් නමැති අඳාළ මව ඉකුත් ජුනි 29 වන දා තම එක් හැවිරිදි සහ දෙහැවිරිදි දරුවාව මෝටර් රථයේ පසුපස අසුන්වල තබා පටිවලින් බැඳ, රූපලාවන්‍ය සායනයක් ඉදිරිපිට නවත්වා ගොස් ඇති බව සඳහන්.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එහිදී එම අවස්ථාවෙන් දෙහැවිරිදි දරුවා බේරී ඇති නමුත්, ෆැරන්හයිට් අංශක 107ක අධික ශරීර උෂ්ණත්වයක් ඇතිව රෝහල් ගත කළ අමිලියෝ ගුටරේස් නම් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවාගේ මිත්තණිය වූ කේටී මාර්ටිනස් විසින් තම මුණුපුරාගේ මරණය පිළිබඳව කියා ඇත්තේ මෙවැන්නක්, "ඔවුන්ට නැගිට තමන්ව බේරා ගැනීමට කිසිදු ක්‍රමයක් තිබුණේ නැහැ. ඇය දරුවන්ව ළමා අසුන්වලට දමා අගුළු ලා දොරවල් වසා දමා ගොස් තිබුණා," යනුවෙන්.

එසේම තම මුණුබුරන් විඳින්නට ඇති එම දරුණු වේදනාව අවබෝධ කර ගැනීමට ඇයද මෝටර් රථයේ වායුසමීකරණය ක්‍රියා විරහිත කොට ජනේල වසා දමා එහි ඇතුළත වාඩි වී සිටි බව පවසා ඇත.

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

ගෙදරිනුයි රටිනුයි දෙකෙන්ම පැන්න රාජිත

අත්අඩංගුවට පත් මව පොලීසියට තමන් මෝටර් රථයේ වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මකව තබා පැමිණි බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව විමර්ශකයින්ට හෙළි වී ඇත්තේ එම මෝටර් රථයේ එන්ජිම පැයකට පසු ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමේ තාක්ෂණික පහසුකමකින් යුතු බවයි.

ඒ අනුව, දරුවන් අවම ලෙස මිනිත්තු 90ක් වැනි කාලයක් වායුසමීකරණයකින් තොරව අධික උෂ්ණත්වය සහිත මෝටර් රථය තුළ සිරවී සිට ඇති බවට බලධාරීන් ඇස්තමේන්තු කර ඇති බව පවසයි.

එසේම තොල් සම්බන්ධ ප්‍රතිකර්මයකට රූපලාවන්‍ය සත්කාරවලට එන විට දරුවන් රැගෙන ආ හැකිදැයි හර්නැන්ඩස් පෙර විමසූ නමුත්, ඇය පැමිණි විට ඔවුන්ව රැගෙන ආ බවක් නොකියූ බවත් රූපලාවන්‍යාගාරයේ සේවය කළ අයෙක් පොලීසියට කියා ඇත.

එසේ වුවත් දරුවන්ගේ මිත්තණිය සඳහන් කළේ දරුවන්ගේ මව තම දරුවන්ට බෙහෙවින් ආදරය කළ මවක් බවත් මෙය ඇගේ සුපුරුදු හැසිරීම නොවන බවයි.

ඒ අනුව නොසැලකිලිමත් මිනීමැරුමක් සහ ළමා අපයෝජන චෝදනා මත හර්නැන්ඩස්ට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

එසේම ඇය ඩොලර් මිලියනයකට අධික ඇපයක් මත රඳවා තබා ඇති අතර වෙනත් චෝදනාවක් මත බන්ධනාගාරගතව සිටින දරුවන්ගේ පියාට මේ සිදුවීම දැනගන්නට ලැබී ඇත්තේ, සිදුවීමෙන් පසු දින බන්ධනාගාරයේ පූජකවරයෙක් ඔස්සේ බව ද සඳහන්.   

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

ලියුම්වලින් ලැජ්ජා කරන ට්‍රම්ප්, අපේ ජනාධිපතිට අරුණ කිව්වා මදිවට ලිංග භේදත් වෙනස් කරලා

GalleryGalleryGalleryGallery
ReeCha