කල්පිටිය මුහුදු තගයෙන් මත්ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවක් හමුවේ
කල්පිටිය මුහුදු තීරයේදී, නාවික හමුදා නිලධාරීන් ඊයේ (05) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් දී සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කළ අතර, එහිදී පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63.718 සහ හෙරොයින් කිලෝ 14.802 ගත් භාරයට ගෙන ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාරදී ඇත. මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් වාර්තා වේ.