පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්..
රජයේ රෝහලක වෛද්‍යවරියක සිය සැමියා සහ දරුවා අතහැර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය පුවතක් අගනුවරින් වාර්තා වනවා.
මෙම තරුණ රූමත් වෛද්‍යවරිය දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්‍රිය තැනැත්තියක වන අතර රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක ලෙස ජනතාව අතරද ප්‍රියමනාප තැනැත්තියක්.
ඇය විශේෂයෙන් පිරිමි පාර්ශවය අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන හැඩකාර දැකුම්කළු තරුණියක් බවයි පැවසෙන්නේ.
වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණි පසු රිය අනතුරකින් තුවාල ලැබු කඩවසම් තරුණයෙක් ඉකුත් දිනක ප්‍රතිකාර ගැනීමට යෙහෙළියක සමග ඇය හමුවීමට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
ටික දිනක් ප්‍රතිකාර ගත් එම තරුණයා කෙටිකාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී වෛද්‍යවරිය කිසිවකුටත් නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවයි වාර්තාවී ඇත්තේ.
සැමියාට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව පැහැදිලි වී තිබේ.
අදාළ වෛද්‍යවරිය කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණයා සමග වෙනත් පළාතකට ගොස් ඇති අතර බිරිය සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටින බවයි වාර්තා වන්නේ.
තරුණයා කාන්තාවගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බවයි පසුව හෙළිවී ඇත්තේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද මෙම සිද්ධිය පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත.
You May Like This Video