මොකද්ද මේ රටේම කතා වෙන V8 උණුසුම..ඉන්ධන ඉතිරි කරන වාහන දෙන්න යයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.
අනෙකුත් රජයේ මන්ත්‍රීවරුන්ට ද ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සුඛෝපබෝගී නොවන වාහනයක් ලබා දෙනු ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.
ඒ අනුව නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාටම කුමක් හෝ වාහනයක් සිය නිල රථය ලෙස ලැබෙනු ඇති බවයි ඔහු අවධාරණය කර සිටියේ.
එම රාජ්‍ය නිලධාරියා පැවැසුවේ, නව රජයේ අමාත්‍යවරුන්ට නව නිල වාහන නොලැබෙනු ඇති බවත් ඒ ඒ අමාත්‍යාංශවල සිටි පසුගිය රජයේ අමාත්‍යවරුන් බාරදුන් නිල වාහන නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනු ඇති බවයි.
මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත්වූ දිස්ත්‍රික්ක වලට රජයේ කටයුතු සඳහා විශාල දුරක් ගෙවමින් ගමන් කිරීමට තිබෙන බැවින් මෙලෙස මන්ත්‍රීවරුන් 159 දෙනාටම නිල වාහන ලබාදීමට රජය තීරණය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ ඔවුන්ට ලබා නොදෙන බවද එම නිලධාරියා කියා සිටියා.
මෙම වන විට නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන 344 ක් හඳුනාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එම වාහන ඇත V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථ මාදිලි තිබෙන බවත් ඒවා නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම නිලධාරියා අවධාරණය කළේ ය.
එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් ලැබෙන මුදල් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන මිලදී ගැනීමට භාවිත කරනු ඇති බවත් ඔහු කියා සිටියා.
මන්ත්‍රීවරයකුට නිල වාහනයක් ලබාදීමේදී සළකා බලන ප්‍රධාන කරුණ නම් ඉන්ධන කාර්යක්ෂමතාව බවත් ඉන්ධන කා දමන සුඛෝපභෝගී වාහන කිසිවෙකුට ලබා නොදෙනු ඇති බව ද හෙතාම ප්‍රකාශ කළේය.
අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..සතියේ පලා ඵලත් මෙතනින් බලන්න(VIDEO).
එම නිලධාරියා පැවැසුවේ, වෙන්දේසියෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවූහොත් ජනාධිපති කාර්යාලය සතු වාහන කීපයක් නිදහස් කර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවයි.
මේ අතර, තමත් ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට අමාත්‍යංශයට ගිය විට තමනට හිමි නිල රථය යැයි සුපිරි ඪ8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කළේ ය.
සිය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිට වාහන 6ක් හිමි බවත් කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වාහන 18ක් භාවිත කර ඇතැයි ද ඔහු සදහන් කළා.
එලෙස වාහන භාවිත කරමින් සැප ගැනීමට තමන් නොපැමිණි බවත් හැම මන්ත්‍රීවරයෙකුට ම වාහනයක් ලබා දුන්න ද එය අවුරුදු 05 අවසානයේ නැවත භාර දී ගෙදර යා යුතු බවයි ඔහු පැවසුවේ.
ජනාධිපති අගමැති මට්ටමේ සිට එම ආදර්ශය රටට ලබා දෙන බවයි නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේ.
You May Like This Video