බොරතෙල් මිල අහස උසට යයි
By Kanchana
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82ක් දක්වා ඊයේ (මාර්තු 2) ඉහළ ගොස් තිබේ .
එම මිල පසුගිය දින 5කට පෙර ජාත්‍යන්තර වෙළෙඳපොළේ පැවති ඩොලර් 66 මිලට සාපේක්ෂව සියයට 24ක වැඩි වීමකි.
තවද පසුගිය පෙබරවාරි 27 වන විට තෙල් බැරලයක මිල ඩොලර් 66ක් වූ අතර ඒ අනුව මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හමුවේ දින 5ක් ඇතුළත මෙසේ ඩොලර් 16කින් පමණ තෙල් මිල ඉහළ ගොස් ඇත.
ඒ වගේම පසුගිය 2025 ජනවාරි මාසයෙන් පසු තෙල් බැරලයක ඉහළ ම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන්නේ නැති බව ඉරාන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
නමුත් ඇතැම් තෙල් සමාගම් හිමිකරුවන්, තෙල් ප්‍රධානීන් සහ වෙළෙඳ ආයතන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල්, ඉන්ධන සහ ද්‍රව ස්වාභාවික වායු නැව්ගත කිරීම් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.