පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි - පොලීසියෙන් පාසල්වලට දැනුම්දීමක්
පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) දිනෙන් ආරම්භ විය.
ඒ අනුව එය අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
මේ අතර පොලීසිය මඟින් පාසල්වල තරග සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
එනම් වාර්ෂික පාසල් ක්‍රිකට් තරඟාවලි සංවිධාන කිරීමේදී අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙසටයි.