යොහානි පාර්ලිමේන්තුවට

sri lanks Yohani Sl parliment
By Sithumi Nov 19, 2021 11:55 AM GMT
Sithumi

Sithumi

Report

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය සංවිධානය කරන බවයි එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

මෙම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බවයි කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් කියාසිටියේ. යොහානි සිල්වා විසින් ප්‍රතිගායනා කරනු ලැබූ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now