යොහානි යොදාගෙන ශ්‍රී ලංකාවේ කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Sri Lanka Indian Prasanna ranathunga Yohani de Silva
By Aruna Oct 04, 2021 05:07 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා යොවුන් ගායිකා යොහානි ද සිල්වා සන්නාම සබඳතාවක් ලෙස යොදා ගැනීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වනවා.

ඒ, 2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සමගාමීවයි. 2022 ජනවාරි මස 03 වැනි දින පැවැත්වෙන ගෝලීය උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික දින අංගයට යොහානි ද සිල්වාගේ සංස්කෘතික විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ හැරුණු විට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරමින් ඇය විසින් පද රචනා කර ගායනා කරනු ලබන ගමාන්තය පිළිබඳ ගීත වීඩියෝවක් එළිදැක්වීමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳපොළ ලෙස සැලකෙන ඉන්දියාව සහ මැදපෙරදිග සමාජ මාධ්‍ය ආකර්ෂණයට යොහානි ලක්ව තිබීම හේතුවෙන් සන්නාම ප්‍රවර්ධනයට ඇය යොදා ගත හැකි බව සංචාරක අමාත්‍යාංශයේ අදහස වී තිබෙනවා.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා රුපියල් කෝටි 15ක අයවැයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර යොහානිගේ ප්‍රසංගය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 55ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now