ලෝක හදවත් දිනය අදයි.

Heart Failure Sri Lanka Heart Attack Death World
By Hashini Sep 29, 2023 04:35 AM GMT
Hashini

Hashini

Report

අදට (29) ලෝක හදවත් දිනය දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ හෘදයාබාධ හේතුවෙන් මරණයට පත්වන සහ රෝහල්ගත වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.

හෘදයාබාධය සහ ගැස්ට්‍රයිටිස් රෝගය බොහෝ විට රෝගීන් පමණක් නොව වෛද්‍යවරුන් පවා වරදවා වටහා ගනු ලබනවා.

එම රෝග දෙකේම රෝග ලක්ෂණ බොහෝ විට එකම ස්වරූපයක් ගැනීම නිසාම හෘදයාබාධයක් වැළඳුණු රෝගියෙකුට නියමිත ඖෂධ නොලැබීමද සිදු වනවා.

පාසල් විෂය නිර්දේශයට හෘද රෝගියෙකු කඩිනමින් හඳුනා ගන්නා ආකාරය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

2020 රජයේ රෝහල්වල සිදු වූ මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදු වූ බව වාර්තා වනවා. 

වයස අවුරුදු 18 - 28 අතර සහ වයස අවුරුදු 29 -39 අතර කාන්තා පිරිමි දෙපිරිසම හෘදයාබාධ වලට ලක්වන බවත් එම වාර්තා වල සඳහන්.

හෘද රෝග ඇති වීමට ප්‍රධාන හේතු ලෙස රුධිරගත කොලෙස්ටරෝල් නැතහොත් තෙල් ප්‍රමාණය වැඩි වීම, අධික රුධිර පීඩනය සඳහන් කල හැකි අතරම ජානමය තත්ත්වයන්ද බලපානු ලබනවා.

මෙහි නවතම සොයා ගැනීම වන්නේ ශබ්ද දුෂණය හෘද රෝග ඇති වීමට බලපන එක ප්‍රධාන හේතුවක් වන බවයි.

එමෙන්ම සමාජීය හා මානසික ආතතිය නිසා ද පුද්ගලයන් හෘදයාබාධ වලට ලක් වෙනවා.

හෘදයාබාධයක රෝග ලක්ෂණ ලෙස ශරීරයේ ඇති වන වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ මහන්සිය, බඩ පුරවා දැමීම, වම් අත දිගේ එන වේදනාව, උගුර සහ කන හිර වීම යන රෝග ලක්ෂණ දැක්විය හැකිවේ.   

ReeCha