වෙනස් වෙන්න කටයුතු කරන්න...නැත්තම් අපි වෙනස් කරනවා - ජනපති (VIDEO)

Report

 ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ රාජ්‍ය නිලධාරීන් දුෂණයෙන් තොර නව ප්‍රතිපත්ති සමග එක්ව කටයුතු නොකරන්නේ නම්, ඔවුන්ව වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

ඊයේ (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, කෑගල්ල නිදහස් මාවතේදියි.

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

අද මේ ලග්න හිමියන්ට සුපිරි ග්‍රහයෝගයක්. දවසේ ලග්න පලාඵල

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

ඔබ ජීවය මරාදමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.”  

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි