කාන්තාවක් සතොසෙන් බඩු හොරකම් කරයි. පසුව හඩ වැටෙයි (VIDEO)

Gossip
By Sithumi Oct 03, 2021 05:18 PM GMT
Sithumi

Sithumi

Report

අද (03) දිනයේ හැටන් සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාවක් අල්ලාගැනිමට එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සමත් වී තිබුණා. 

හැටන් රොතැස් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සතොස ශාඛාව වෙත පැමිණ ආහාර ද්‍රව්‍ය රැසක් රැගෙන ඉන් රු 1800 පමණ වටිනා භාණ්ඩ කිහිපයක් ඇයගේ අත්බැගය තුළ සඟවා ගන්නා අයුරු එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සිසිටීවි කැමරා හරහා දැක තිබුණා. 

 භාණ්ඩ සොරාගත් කාන්තාව විසින් ඇය සතොස ශාඛාවෙන් ලබා ගත් රු 300 පමණ වටිනා භාණ්ඩවලට පමණක් මුදල් ගෙවා පිටතට පැමිණෙන අවස්තාවේ සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් ඇයගේ අත්බැගය පරික්ෂා කිරිමේදි බැගය තුල රු 1800 පමණ වටිනා භාණ්ඩ තිබි සොයගෙන තිබෙනවා. 

ආරක්ෂක අංශ නිලධාරින් භාරයට ගත් එම කාන්තාව සොරා ගන්නා ලද භාණ්ඩ වල වටිනාකම සතොස ශාඛාවේ කලමණාකාරු විසින් අයකරගෙන එම භාණ්ඩ සතොස ශාඛාවේ භාරයට ගෙන එම කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැරිමට සතොස ශාඛාවේ කලමණාකාරිත්වය කටයුතු කරනු ලැබුවා. 

සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාව පිලිබදව සියළුම සතොස ශාඛා වෙත දැනුම් දෙන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පවසා සිටියා. එහිදී ඇය විසින් නිලධාරීන් වෙත කළ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්,