හිටපු ඇමති ජී.එල් දේශපාලන පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා

Report

 හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පසුගිය 7 වැනිදා නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි ඔහුගේ නිවසේදී දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම හමුවේදී, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම්, රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය, ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු තවත් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරුණු බව එම හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් පොදු සේවක සංගමය දයාසිරි ජයසේකරගේ ප්‍රකාශයට දැඩි විරෝධය

ඛනිජ තෙල් පොදු සේවක සංගමය දයාසිරි ජයසේකරගේ ප්‍රකාශයට දැඩි විරෝධය

වත්මන් තත්ත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාවට හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජීවන් තොණ්ඩමන්, පලනි දිගම්බරම්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, ඩීවී චානක, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ද පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වා ඇත. 

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්