ගුවන් තොටුපළකින් හමු වූ කාන්තා මළ සිරුර.

United States of America Crime
By Wayomi Nov 03, 2023 12:39 PM GMT
Wayomi

Wayomi

Report

Massachusetts හි බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කෙන්යානු කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 31 හැවිරිදි Margaret Mbitu නමැති කාන්තාවක් වන අතර ඇගේ ඝාතකයා සොයා එක්සත් ජනපද සහ කෙන්යානු බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපළේ නවතා තිබූ මෝටර් රථයක මගී අසුනක තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් අමානුෂික ලෙස ඇයගේ සිරුරේ තුවාල තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.

ප්‍රධාන සැකකරු වන Mbitu ගේ සහකරු වන Kevin Kangethe, ඇයගේ සිරුර ගුවන් තොටුපළේ අතහැර දමා කෙන්යාවට පලා ගිය බවට පොලිසිය සැක කරන අතර Margaret Mbituගේ මව බොස්ටන් පවසා ඇත්තේ,ඇගේ සැමියා වන Kevin Kangethe සමඟ පැවති සම්බන්ධය අවසන් කිරීමට ඇය උත්සාහ කළ බවයි.  

ReeCha