පාළු නිවසක් තුළ අනියම් බිරිඳ පරලොව යැවූ සැකකරුගෙන් ඇඟ කිළිපොලා යන පාපොච්චාරණයක්

Sri Lanka Police Crime Death Law and Order Prisons in Sri Lanka
By Mithu Jul 23, 2025 07:21 AM GMT
Mithu

Mithu

Report

නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයයෙකු ගම්පොළ පොලීසියට භාරවී තිබේ.

පසුව සැකකරු නාවලපිටිය පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත. ඊයේ (22) සවස මෙම ඝාතනය සිදුව ඇති ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති කාන්තාවකි.

පොල්තෙල් ගන්නවනම් කල්පනාවේ සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

පොල්තෙල් ගන්නවනම් කල්පනාවේ සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

ඇය 39 හැවිරිදි තිදරු මවකි. ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ඇති අතර, පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ තිබෙන බවට සදහන් නිවසට පැමිණ සිටි‍යත් අදාළ කාන්තාව වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිටින බව ඔහුට පවසා ඇත.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවයි.ඔහු කීපවතාවක් එය ප්‍රතික්ෂේප කර තිබේ.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

ඝාතනයට ලක්වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇත.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. මේ පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි කරයි.

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

ReeCha