පෙම්වතා වෙනුවෙන් වියානා ඇලට බිලිවූ පැංචිගේ ඔබ නොඇසූ සංවේදී කතාව
රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා අවසන් වූ සිසු වියක් තම පෙම්වතාව බේරා ගැනීම සඳහා වියනා ඇළට වැටී මිය ගිය සිදුවීමක් පසුගියදා සියලු දෙනාගේ හද කම්පා කළ සිදුවීමක් බවට පත්විය. මෙලෙස ජීවිතෙන් දිවි පිදුවේ හම්බන්තොට, වැලිගල්ල, ගම්මාන 10 හි පදිංචි වසර 26 හැවිරිදි දඩල්ලගේ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් නම් තරුණියයි.
ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාලයේ සිට මහියංගනය හරහා හම්බන්තොටට පැමිණෙමින් සිටියදී වියානා ඇළ නැරඹීමට ගිය අවස්ථාවේ ඇගේ පෙම්වතා ඇළට වැටී ඇති අතර, ඔහු බේරා ගැනීමට ගිය රශ්මි ද ඇළට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇත. පසුව රශ්මිගේ සිරුර සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි ඔරු බැදිව දියඹනා වැවේ තිබී සොයාගෙන ඇත.
"දුව කෝල් කරලා කිව්වා අපි දැන් එනවා කියලා. අම්මේ කන්න උයලා තියන්න කිව්වා.කඩේකින් පොඩි දෙයක් කෑවා කිව්වා,"
යනුවෙන් දැඩි කම්පනයෙන් යුතුව රශ්මිගේ මව පැවසුවාය. රශ්මි රජරට විශ්ව විද්‍යාලයේ සිව් වසරක අධ්‍යාපනය නිමා කර සිට ඇති අතර, පුස්තකාල පොත් බාර දීම සහ අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීම සඳහා විශ්ව විද්‍යාලයට ගොස් තිබේ. ඇය ජූලි 29 වැනි දින පැවැත්වීමට නියමිත උපාධි ප්රදානෝත්සවය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.
රශ්මි ඇගේ පවුලේ තුන්වැනි දරුවා වූ අතර, ඇගේ සොහොයුරා කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින බව ඇගේ පියා වන ඩී.එච්. මෙන්ඩිස් (68) පැවසීය. රශ්මි කුඩා ගම්මාන 10 ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී හම්බන්තොට සුචි ජාතික පාසලට ඇතුළත් වී ඇත.
සුචි ජාතික පාසලේදී සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින් සමත් වූ ඇය, පසුව උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින් සමත් වී 2021 වසරේදී රජරට විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇත. පාසල් සමයේ ඉතා දක්ෂ සිසුවියක වූ ඇයට "පැංචි" යන ආදර නාමයෙන් පාසලේ මිතුරියන් ආමන්ත්‍රණය කළ අතර, ඇය කාගේත් හිත දිනාගත් මිත්‍රශීලී තරුණියක් බව ගම්වැසියන් සඳහන් කරයි.
"දුව එදා නිවසින් ගියේ ආයෙත් අපිත් එක්ක යන්න. මම බත් මුලක් හදලා දුන්නා. හයිවේ බස් එකේ දුව ගියා. දුව යන දවසේ මගේ හිතට අනේ මොකුත් අමුත්තක් දැනුනේ නැහැ. මට නම් මේක හිතාගන්න බැහැ හීනයක් වගේ. අපේ මිනිය කරගහන්න හිටිය දරුව අද නැතිවුණා. අද ගමම කම්පා වෙනවා,"
යැයි රශ්මිගේ මව හැඬුම් කඳුළින් පැවසුවාය. රශ්මිගේ පියා පැවසුවේ,
"දරුවෝ කන්න ඇත්තේ කඩේ අප්පනේ. කඩෙන් කෑවට හරියන්නේ නැහැනේ. ඒ නිසා කෑම ලැහැස්ති කළා. දුව කැම්පස් එකේ ඉගෙන ගත්ත අවුරුදු 04 ඉවරයි. දුව කැම්පස් එකට ගිහින් එන්න ගියේ පුස්තකාල බඩු බාරදෙන්න, තව ලියකියවිලි වගයක් පුරවලා බාර දෙන්න තියෙනවා කියලා තමයි ඔය ගිහින් එන්න ගියේ."
සිදුවීම දුටු සාක්ෂිකරුවකු වන මධුෂිකා දේශානි සිදුවීම ගැන මෙසේ විස්තර කළාය
"අපි විල් එකේ කඩේට ගිහින් එන ගමන් ඇළ දිගේ මාමා කෙනෙක් කෑ ගහගෙන පහළට ආවා. අපි බලනකොට මුකුත් ඇළේ පේන්න තිබුබේ නෑ. ආයිත් පාරක් බලද්දී තමයි දැක්කේ ඔළුවක් උඩ එනවා යට යනවා." "මහත්තයාට මම කිව්වා කවුරුහරි වතුරේ ගිලිලා කියලා. අපි ඉක්මනින් ඇළ රවුමෙන් ඇවිත් ත්‍රිවිල් එක නතර කරලා අපි දෙන්නාම ඇළට පැන්නේ. පිරිමි ළමයෙක් වතුරේ ගිලෙමින් හිටියේ.
එයාගේ පෙම්වතියත් එක්ක ඇවිත් තියෙන්නේ. දෙන්නාම එක ළඟ ගසාගෙන යමින් තමයි ඉදලා තියෙන්නේ. අපිට පෙනුනේ පිරිමි ළමයා විතරයි,"
යැයි ඇය පැවසුවාය.
"වතුරේ ගසාගෙන ගිය තරුණයා උඩ එන්න ගොඩක් උත්සාහ කළා. උඩට එන්න බැරිව දඟලද්දී මගේ මහත්තයා ටක්ගලා ඇළට පැන්නා. මමත් අතේ තිබ්බ වයර් එක අරගෙන වතුරට පැන්නා. මහත්තයා ඒ තරුණයාගේ කොඩෙන් අල්ලා ගොඩට ඇඳගෙන පීනගෙන ආවා.
එතකොට ඒයාගේ ඇස් උඩ ගිහිල්ලා හොදටම බයවෙලා හිටියේ. කට ඇරිලා, සිහිය තිබුබා. මගේ අම්මා ඇවිත් එයා ගොඩට ගෙනාවා," ඇය තවදුරටත් පැවසුවාය. "අපි එයා ගොඩට ගත්ත ගමන්ම එයා අපිට කිව්වා එයාගේ පෙම්වතියත් ගියා කියලා. ඊට පස්සේ මෙයා ආපහු දුවලා ගිහින් ඇළට පැන්නා.
ඒ එක්කම තවත් පිරිමි ළමයෙක් ඇළට පැන්නා. අපිට එයාව හොයා ගන්න බැරි උනා. තරුණයා ගොඩට ගද්දී එයාගේ පෙම්වතිය ගිලිලා යටට යන්න ඇති. අපි ඒ ගෑනු ළමයා නම් කොහොමත්ම දැක්කේ නෑ,"
මධුෂිකා දේශානි පැවසුවාය.
රශ්මිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රශ්මිගේ පාසල් මිතුරු මිතුරියන්, ගුරුවරුන්, අසල්වාසීන්, ඥාතීන් සහ විශ්ව විද්‍යාල සමකාලීන මිතුරන් මිතුරියන් විශාල පිරිසක් නිවසට පැමිණ සිටියහ.
ගොවිජනපද ව්‍යාපාරයක් වන කුඩා ගම්මාන 10 හි රශ්මිගේ පියාගේ සමකාලීන ගොවි මහත්වරු ද දුක සැප බෙදා ගැනීමට පැමිණ සිටියහ. රශ්මිගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ජූලි 22 වැනි දින කුඩා ගම්මාන 10 පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.
මහවැලි වියානා ඇළේ ගිලී අවාසනාවන්ත ලෙස මියගිය රශ්මි ලක්ෂිකා මෙන්ඩිස්, ඇගේ පවුලට, ගමට සහ විශ්ව විද්‍යාලයට ආලෝකයක් වූ සිසුවියක් ලෙස ගම්වාසීහු හඳුන්වති. උපාධි ප්‍රදානෝත්සවයට සූදානම් වෙමින් සිටි ඇය, අවසානයේ මිතුරෙකු බේරා ගැනීමේ උත්සාහයේදී තම ජීවිතය පූජා කර ඇත.
