දරුණු මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි
By Mithu
වාරියපොළ, ඇඹලව අතුරු මාර්ගයේ කෝන්ගහමුල හන්දිය ආසන්නයේදී සිදු වූ දරුණු යතුරුපැදි අනතුරකින් 40 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි පැදිකාරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය කාන්තාව ඇඹලව ප්‍රදේශයේම පදිංචිකාරියකි.
අනෙක් යතුරුපැදියේ පැදිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වාරියපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.