අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

Report

අද (අප්‍රේල් 14) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, වවුනියාව දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර, සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දින දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි, වෙල්ලික්කන්දල්, උඩපත්තුක්කන්දල් සහ පුලියම්පොක්කනේයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

අප්‍රේල් මස 05 සිට 15 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න