කාන්තා T20 ලෝක කුසලානේ ත්‍යාග මුදල් ටික මෙන්න
2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, සමස්ත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 8,764,615ක් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව සියයට 10කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,340,000ක් හිමි වන අතර, අනු ශූරතාවයට ඩොලර් 1,170,000ක් පිරිනැමේ.
අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් දෙකට එක් එක්ව ඩොලර් 675,000 බැගින් ලබාදීමට නියමිතය.
මූලික වටයට සහභාගී වන සෑම කණ්ඩායමකටම අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 247,500ක් ලබාදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කළේය.