ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු එතනම මරුට
By Mithu
කොල්ලුපිටිය, සී.වී. ඇවනිව් ප්රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පලංචියක් මත රැඳී සිටිමින් යකඩ කොටසක් සවිකිරීමට උත්සාහ කිරීමේදී පය ලිස්සා ඇද වැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.
මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. අනතුරෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.