සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32 ට උදාවිය.
අවුරුදු උදාවත් සමඟ දිවයින පුරා ජනතාව චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට සූදානම්ව සිටින අතර, ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51 ට යෙදී තිබේ.
එහිදී රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරි බතක් සහ කැවිලි පිළියෙළ කිරීම සිදු කළ යුතුය.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද අපරභාග 12.06 ට යෙදී ඇති අතර හෙට (15) හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකිරීමට නියමිතය.
එසේම රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සහ පැළ සිටුවීමේ නැකත් (අප්‍රේල් 23) ඇතුළු ඉදිරි චාරිත්‍ර පෙළගැස්ම ද නැකත් සීට්ටුවේ සඳහන්ව ඇත.