මේ උත්සව සමයේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

අලුත් අවුරුදු සමයේ බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමෙන් වළකින ලෙස පොලිසිය රියදුරන්ගෙන් දැඩි ඉල්ලීමක් කරයි.

2026 වසරේ ගතවූ මාස 4 තුළ පමණක් මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 713 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 248 දෙනෙකුම යතුරුපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

ඉරානය සහ අමෙරිකාව සමථයකට පත් කරන්න රටවල් තුනක් පෙරට

ඉරානය සහ අමෙරිකාව සමථයකට පත් කරන්න රටවල් තුනක් පෙරට

අධිවේගී මාර්ග ඇතුළු දිවයින පුරා බීමත් රියදුරන් හඳුනාගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා සඳහන් කළේය.

මේ අතර, අවුරුදු විනෝද ගමන්වලදී අපරික්ෂාකාරී ලෙස දියනෑමෙන් වළකින ලෙස ද පොලිසිය ජනතාවට අවධාරණය කර සිටියි.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි