අද බස් ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report





සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ අද (14) දිනයේ මගී අවශ්‍යතාවය මත සීමිත බස් රථ සහ දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බව ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කරති.

මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණ ද ඉල්ලුමට සරිලන පරිදි බස් රථ සැපයීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

ඒ අනුව බැස්ටියන් මාවත, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රධාන මධ්‍යස්ථානවල සිට දිවයිනේ ප්‍රධාන නගර කරා බස් රථ සේවාවන් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර අද දිනයේ දුම්රිය ධාවනය ද සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කොළඹ සිට පිට පළාත් කරා ගමන් ගන්නා මගීන්ගේ අඩුවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් කොළඹ සිට ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය, තැපැල් දුම්රිය සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ලම වෙනසකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඔහු අවධාරණය කළේය.

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න