සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

Report

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟය.

නැකත් සීට්ටුවට අනුව මෙවර අලුත් අවුරුදු උදාව අද පූර්වභාග 09.32ට සිදුවන අතර ඊට පෙර පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය ක්‍රියාත්මක වේ.

මෙම කාලසීමාවේ මුල් කොටසේදී සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල නිරත වීම සම්ප්‍රදාය වන අතර පුණ්‍ය කාලයේ අපර කොටසේදී චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කළ යුතුය.

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

අදත් කාලගුණයේ ලොකු වෙනසක් - හවස මේ ප්‍රදේශවලට වැසි

ඒ අනුව ආහාර පිසීමේ නැකත අද පූර්වභාග 10.51ට යෙදී ඇති අතර එහිදී රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබත් සහ කැවිලි පිළියෙළ කර ගැනීම සිදුකළ යුතු වේ.

අනතුරුව එළඹෙන වැදගත්ම චාරිත්‍රය වන වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අද අපරභාග 12.06ට යෙදී තිබේ. එහිදී ද රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා චාරිත්‍ර ඉටුකිරීමට නියමිතය.

ඉදිරි දිනවලදී ඉටුකළ යුතු හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 15 වැනි බදාදා පූර්වභාග 06.55ටත්, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 06.27ටත් යෙදී තිබේ.

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න

සූර්යයා මීන රාශියෙන් ඉවත් වී මේෂ රාශියට යන මේ මොහොතේ ඔබේ ලග්නයේ සුබ අසුබ මෙන්න